TRIUMPH-2 3 වන අදියර සායනික පරීක්ෂණයේදී සතියකට එක් වරක් ලබාදෙන Retatrutide ඖෂධය තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව සහිත පුද්ගලයන් අතර ඇගයීමට ලක්කර ඇත.
ඉහළම අධ්‍යයන මාත්‍රාව වූ 12 mg ලබාගත් කණ්ඩායමේ, සති 80කදී සාමාන්‍යයෙන් 20.8%ක පමණ ශරීර බර අඩුවීමක් වාර්තා වී ඇත.
Retatrutide, GIP, GLP-1 සහ glucagon යන හෝමෝන ප්‍රතිග්‍රාහක තුනම ඉලක්ක කර ක්‍රියා කරන triple agonist ඖෂධයකි. දැනට භාවිත වන තනි හෝ ද්විත්ව receptor agonist ප්‍රතිකාරවලට වඩා මෙය වෙනස් වන්නේ මෙම ත්‍රිත්ව ක්‍රියාකාරීත්වය නිසාය.
බර අඩුවීමට අමතරව, HbA1c අගයන් අඩුවීම සහ රුධිර ග්ලූකෝස් පාලනයේ දියුණුවක් ද වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, Retatrutide තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ඖෂධයක් වන අතර අනුමත ප්‍රතිකාරයක් නොවේ.
ආමාශ හා ආන්ත්‍රික අතුරු ආබාධ ඇතුළු ආරක්ෂාව සම්බන්ධ කරුණුද මෙම ඖෂධය ඇගයීමේදී වැදගත් වේ. විශාල බර අඩුවීමක් වාර්තා වීම පමණක් දිගුකාලීන හෘදවාහිනී ප්‍රතිලාභ හෝ දිගුකාලීන ආරක්ෂාව තහවුරු කරන්නේ නැත.