අග්න්‍යාශ පිළිකා පරීක්ෂණයකදී Chemotherapy සමඟ එක් කළ පරීක්ෂණාත්මක වෛරස් ප්‍රතිකාරයකින් දිරිගන්වන ප්‍රතිඵල

පැතිර ගිය අග්න්‍යාශ පිළිකාවේ පිළිකා බාධකය බිඳ දැමීමට සැලසුම් කළ VCN-01 පෙන්වන වෛද්‍ය රූපසටහනක්
Illustration: Suwa News
පැතිර ගිය අග්න්‍යාශ පිළිකා සඳහා Gemcitabine සහ Nab-paclitaxel සමඟ VCN-01 නමැති පරීක්ෂණාත්මක oncolytic virus ප්‍රතිකාරය එක්කර ලබාදීම VIRAGE 2b අදියර සායනික පරීක්ෂණයේදී ඇගයීමට ලක්කර ඇත. ජීවත් වීමේ කාලය වැඩිවීමේ ප්‍රවණතාවක් පෙනී ගියද, intention-to-treat විශ්ලේෂණයේ overall survival වෙනස සංඛ්‍යානමය වශයෙන් වැදගත් මට්ටමට ළඟා නොවීය.
වෛද්‍ය දැනුම්දීම: මෙම ලිපියේ ඇති පර්යේෂණ හෝ නව ප්‍රතිකාර පිළිබඳ තොරතුරු පුද්ගලික වෛද්‍ය උපදෙස් ලෙස නොසලකන්න. වෛද්‍ය තීරණ සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකු සමඟ ගත යුතුය.

පැතිර ගිය අග්න්‍යාශ නාලිකා පිළිකාව (metastatic pancreatic ductal adenocarcinoma) සඳහා Gemcitabine සහ Nab-paclitaxel chemotherapy සමඟ VCN-01 නමැති පරීක්ෂණාත්මක වෛරස් ප්‍රතිකාරය එක්කර ලබාදීම VIRAGE 2b අදියර සායනික පරීක්ෂණයේදී ඇගයීමට ලක්කර තිබේ. මෙම පර්යේෂණය Nature Medicine සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

අග්න්‍යාශ පිළිකාව ප්‍රතිකාර කිරීමට අපහසු වීමට එක් හේතුවක් වන්නේ පිළිකා සෛල වටා ඇති ඝන tumour microenvironment එකයි. මෙම පරිසරය ඇතැම් ප්‍රතිකාර පිළිකා පටක තුළට ළඟාවීමට බාධාවක් විය හැක.

VCN-01 යනු විශේෂයෙන් වෙනස්කර සකස් කළ oncolytic adenovirus එකකි. එය hyaluronidase නිපදවීම හරහා පිළිකාව වටා ඇති මෙම බාධකයේ කොටස් බිඳ දැමීමට සැලසුම් කර ඇති අතර, එමගින් chemotherapy ප්‍රතිකාරය පිළිකා පටක තුළට වඩා හොඳින් ළඟාවීමට උපකාරී විය හැක.

පරීක්ෂණයේදී VCN-01 ලබාගත් කණ්ඩායමේ overall survival සම්බන්ධයෙන් දිරිගන්වන සංඥාවක් පෙනී ගියද, intention-to-treat විශ්ලේෂණයේ overall-survival වෙනස සංඛ්‍යානමය වශයෙන් වැදගත් (statistically significant) නොවීය.

එම නිසා මෙම පරීක්ෂණයෙන් VCN-01 මගින් ජීවිත කාලය නිශ්චිතව වැඩි කරන බව තහවුරු වී ඇතැයි පැවසිය නොහැක.

මෙය සාපේක්ෂව කුඩා 2b අදියර පරීක්ෂණයක් වන අතර VCN-01 තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින ප්‍රතිකාරයකි. එය අනුමත අග්න්‍යාශ පිළිකා ප්‍රතිකාරයක් හෝ පිළිකාව සුවකරන ප්‍රතිකාරයක් ලෙස සැලකිය නොහැක.

මෙම ප්‍රතිඵල වඩා විශාල පරීක්ෂණ මගින් තහවුරු කිරීම අවශ්‍ය වේ.

මූලාශ්‍ර
Dr. Seneth Gajasinghe