පාකින්සන් රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් සඳහා Tavapadon (Juvmo) ඖෂධයට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ (FDA) අනුමැතිය හිමිව තිබේ.
මෙය දිනකට එක් වරක් ලබාදෙන, D1/D5 ඩෝපමීන් ප්‍රතිග්‍රාහක ඉලක්ක කර ක්‍රියා කරන partial agonist ඖෂධයකි.
පාකින්සන් රෝගයේදී මොළයේ ඩෝපමීන් ක්‍රියාකාරීත්වය අඩුවීම රෝග ලක්ෂණ ඇතිවීමට ප්‍රධාන හේතුවකි. සාම්ප්‍රදායික ඩෝපමීන් agonist ඖෂධ බොහොමයක් ප්‍රධාන වශයෙන් D2/D3 ප්‍රතිග්‍රාහක හරහා ක්‍රියා කරන අතර, Tavapadon D1/D5 ප්‍රතිග්‍රාහක ඉලක්ක කිරීම නිසා වෙනස් ඖෂධ ක්‍රියාකාරීත්වයක් ලබාදෙයි.
TEMPO 3 වන අදියර (Phase 3) සායනික පරීක්ෂණ වැඩසටහන මගින් Tavapadon පාකින්සන් රෝගයේ චලන හා දෛනික ක්‍රියාකාරකම් සම්බන්ධ රෝග ලක්ෂණ පාලනය කිරීමට ඇති හැකියාව ඇගයීමට ලක්කර ඇත. Tavapadon, රෝගියාගේ ප්‍රතිකාර අවශ්‍යතාව අනුව Levodopa සමඟ හෝ එය නොමැතිව භාවිත කළ හැක.
කෙසේ වෙතත්, Tavapadon යනු රෝග ලක්ෂණ පාලනය කරන ප්‍රතිකාරයකි.
මෙමගින් පාකින්සන් රෝගයට හේතුවන ස්නායු හායනය (neurodegeneration) නතර කරන බව, ඩෝපමීන් නිපදවන ස්නායු නැවත ජනනය කරන බව හෝ පාකින්සන් රෝගය සම්පූර්ණයෙන් සුව කරන බවට සාක්ෂි නොමැත.