ශ්‍රී ලංකාවේ ගර්භණී මවුවරුන්ගෙන් 13.9% කට දියවැඩියා අවදානමක්: වෛද්‍ය සංගමයෙන් විශේෂ අනාවරණයක්!
මෙරට ගර්භණී මවුවරුන් අතර දියවැඩියා රෝගී තත්ත්වය (Gestational Diabetes) සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, එය මවගේ මෙන්ම දරුවාගේ අනාගත සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් කරන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) පෙන්වා දෙයි. පවතින ආර්ථික වාතාවරණය තුළ සිදුවූ ආහාර රටාවේ වෙනස්කම් මීට ප්‍රධාන හේතුවක් බව පැවසේ.